සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් එක්ව ජීවිතයට ආර්ථිකමය ශක්තියක් ලබාගන්නා 500කට ආසන්න විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහකයින් වෙනුවෙන් දීප ව්‍යාප්තව සිදුකරන ට්රයිසිකල් බෙදා දීමේ වැඩසටහනෙහි තවත් අදියරක් පසුගිය ජූලි 16 සහ 17 දිනයන්හිදී ක්‍රියාත්මක කරන ලදී.
නැගෙනහිර පළාතේ අම්පාර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි විශේෂ අවශ්‍යතා සහිත අලෙවි සහයකයින් 09 දෙනෙක් සදහා එහිදී ට්රයිසිකල් ප්රදානය කිරීම සිදුවිය.
ජූලි 16 වන දින අම්පාර දිස්ත්‍රික් ට්රයිසිකල් ප්රදානෝත්සවය අම්පාර මණ්ඩල මහා විහාරස්ථානයේදී සිදුකළ අතර එම අවස්ථාව සදහා අම්පාර මහ නගර සභාවේ නගරාධිපති එම්.ඒ.චමින්ද සුගත් මහතාද සහභාගී විය.
ත්‍රිකුණාමලය නගරයෙහි ට්රයිසිකල් ප්රදානෝත්සවය ජූලි 17 වන දින පැවති අතර එම අවස්ථාව වෙනුවෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ශාන් විජේලාල් මහතාද සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවන් සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම්) සුනිල් ජයරත්න මහතා අලෙවි නිළධාරී අයි.ඩී.පී.කුමාරසිරි මහතා ඇතුළු පිරිස සහභාගී විය.
දශක හතරකටත් වඩා වැඩි කාලයක් මෙරට සුවහසක් ශ්‍රි ලාංකිකයින්ගේ ජන ජීවිත නඟා සිටුවමින් ඔවුන්ගේ ජීවිත එළිය කළ සංවර්ධන ලොතරැයි මණ්ඩලය යනු මෙරට වාසනාවේ විශ්වාසය රැඳි ආයතනයයි. වාසනාවට නොදෙවෙනි සමාජ මෙහෙවරක් ඉටු කරමින් විශ්වාසයෙන් ඉදිරියට යන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ මුලික පරම...
අවැසිම මොහොතේ ඔබට වාසනාව රැගෙන එන සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් නුදුරේදි බිහිකළ තවත් ජයග්‍රාහකයින් 56 දෙනෙක් සදහා චෙක්පත් ප්රදානය කිරීම 2025.04.02 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති /ප්‍රධාන විධායක නිලධාරී නිතීඥ හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වය...
දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දුන් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් වැඩසටහනක් කුරුණෑගල හා පුත්තලම අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.03.29 වන දින බෝයගනේ සැලියුට් උත්සව ...
ජීවිතේ කියන්නේ කිසියම් සීමාවක් ඇතුලේ තියලා ගොඩනැගෙන්න දිය යුත්තක්ම නොවේ.
ස්ත්‍රී පුරුෂභාවය එහෙම නැතිනම් සමාජ තත්ත්වය උගත් මට්ටම වැනි දේ මත පදනම් වී සාම්ප්‍රදායික තෝරාගැනීම් වලටම යන්න බහුතරය පුරුදු වෙලා තිබුණත් ඉන් එහාට අඩියක් තියන්න පුළුවන්නම් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයිය කියලා ඇහෙද්දි ඕනෑම කෙනෙක්ට හිතෙන්නේ සංවර්ධන ලොතරැයියෙන් ජීවිතේ එළිය වෙන්නේ ලොතරැයි මිලදී ගන්න අයගේ විතරයි කියලා. ඒත් ඇත්තටම සංවර්ධන ලොතරැයිය නිසා ජීවිතයම එළිය කරගත්ත විශාල පිරිසක් අදටත් සංවර්ධන ලොතරැයි මණ්ඩලය එක්ක අත්වැල් බැදගෙන ඉන්නවා.
මේ එවන් පරමාදර්ශී ...
උසස් අධ්‍යාපනය තුළ ඔබ ලැබූ “මහපොළ ශිෂ්‍යත්ව” වරප්‍රසාදය මෙරට සිසු පරපුරට හිමිකර දෙන්නට කටයුතු කරන්නාවූ ඒ සැබෑ මූල්‍ය දායකයා කවුරුන්ද යන්න ඔබ දන්නවාද?
බොහෝ විට ඔබ නොදන්නවා විය හැකිය.
අප අපට හිමි අයිතිවාසිකම් ගැන උනන්දු වුවත් අපට යුතුකම් ඉටුකරන්නන් ...