සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“ශනිදා වාසනාව” නව මුහුණුවරින් වෙළදපලට ඉදිරිපත් කිරීම සහ විශේෂ දිනුම් ඇදීම් ඔක්තෝබර් 01 දා සිට

01-October-2019

පායන හිරු මෙන් විශ්වාස  “ ශනිදා වාසනාව ” නව මුහුණුවරකින් මෙන්ම නව ත්‍යාග රටාවන්ගෙන් වෙළදපලට නිකුත් කිරීම  2019.10.01 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවිය.

මෙම නව වෙනස්වීම් වලට සමගාමීව ශනිදා වාසනාව ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීම් මාලාවක් සිදුකිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව සුපිරි ශනිදා වාසනාව විශේෂ දිනුම් ඇදීම් මාලාවේ ප්‍රථම දිනුම් ඇදීම 2019 ඔක්තෝබර් 30 වන දින සිදුකිරීමට නියමිතය.

එදින සිදුකරනු ලබන විශේෂ දිනුම් ඇදීම හරහා ,

  1. යතුරු පැදි තුනක් ජයග්‍රාහකයින් තිදෙනෙකුටද
  2. රුපියල් ලක්ෂයේ මුදල් ත්‍යාග රැසක්ද දිනා ගැනීමේ හැකියාව ඇත.

නොවැම්බර් මස පළමු දින සිට 2020 ජනවාරි මස දක්වා පවත්වනු ලබන “සුපිරි ශනිදා වාසනාව” විශේෂ දිනුම් ඇදීමේ වාරයන් හරහා රුපියල් 1000/- මුදල් ත්‍යාග 100 කට වැඩි ප්‍රමාණයක් දිනාගැනීමේ හැකියාව ඇත.

මෙම සියලු ත්‍යාග සමගින් සුපුරුදු ත්‍යාග රටාවන්ද නොවෙනස්ව පවතී.

අලුත් වූ ශනිදා වාසනාව සමගින් වාසනාවන්තයෙක් වන්න ඔබත් වැඩි වැඩියෙන් ශනිදා වාසනාව මිළදී ගන්න.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්