සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

“DLB සත්කාර” වෛද්‍ය කදවුර මාලාවේ අට වන වෛද්‍ය කදවුර නුවරඑළියේදී

14-November-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන “ DLB සත්කාර ” වෛද්‍ය කදවුරු මාලාවේ අටවන වෛද්‍ය කදවුර නුවරඑළිය දිස්ත්‍රික්කය සදහා 2019.11.10 වන දින නුවරඑළිය නගරයේදී පවත්වන ලදී.

මෙම වෛද්‍ය කදවුර සදහා 400කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර එහිදී වෛද්‍ය පරීක්ෂණ හා වෛද්‍ය උපදෙස් සමගින් ඖෂධ ලබාදීමත් අක්ෂි පරීක්ෂාව සමගින් ඇස් කණ්ණාඩි ලබාදීමත් සිදුවිය.

මේ සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා,නුවරඑළිය කලාප කළමනාකරු උපාලි සමන්කුමාර මහතා සහ කොළඔ දිස්ත්‍රික් කලාප කළමනාකරු චින්තක අයිලප්පෙරුම යන අය සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්