එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමීන් වහන්සේලා 39 දෙනෙක් වෙනුවෙන් උදෑසන දානමය පින්කමක්ද සිදුකරන ලදී.
රටේ චිර ජීවනයත්, වංසගත උවදුරු ආරක්ෂාවත් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුබ සිද්ධියත් අපේක්ෂා කරමින් සිදුකළ එම පිරිත් දේශනය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතාත්, සංවර්ධන ලොතරැයි අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් වෙළද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා ,නීතිඥ ජෙනට් ජයවර්ධන මහත්මිය සහභාගී විය.කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්යක්ෂ පාලන මනුල චමල් පෙරේරා මහතාද මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර මේ සියලු ආශිර්වාදාත්මක අවස්ථාවන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් අත්වැල් බැද සිටින උතුර නැගෙනහිර වෙසෙන ලොතරැයි පාරිභෝගික මහත්ම මහත්මීන් වෙනුවෙන්ම වාසනාව උරුම කිරීමේ අරමුණින් වාළම්පුරි නමින් විශේෂ ලොතරැයිපතක් හදුන්වා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය කටයුතු කලා.
ලංකාවේ සිව්දෙසට වාසනාවේ පණිවිඩය රැගෙන යන අප උතුරු නැගෙනහිර ජනත...
ලොතරැයි වෙළදපලේ දැනට පවතින අති දැවැන්තම සුපිරි කෝටිපති ජයමල්ල රුගෙන ඔබේ සිහින වලටත් වඩා ඉහළින් ඔබගේ ජයග්‍රාහණය රදවා තබන කප්රුක ලොතරැයියේ විශේෂ දිනුම් ඇදීමක් එලඹෙන සැප්තැම්බර් 29 දින පැවැත්වේ.
“පවර් ප්ලේ” ලෙස නම් කර ඇති මෙම විශේෂ දිනුම් ඇදීමේ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම ...