එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමීන් වහන්සේලා 39 දෙනෙක් වෙනුවෙන් උදෑසන දානමය පින්කමක්ද සිදුකරන ලදී.
රටේ චිර ජීවනයත්, වංසගත උවදුරු ආරක්ෂාවත් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුබ සිද්ධියත් අපේක්ෂා කරමින් සිදුකළ එම පිරිත් දේශනය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතාත්, සංවර්ධන ලොතරැයි අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් වෙළද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා ,නීතිඥ ජෙනට් ජයවර්ධන මහත්මිය සහභාගී විය.කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්යක්ෂ පාලන මනුල චමල් පෙරේරා මහතාද මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර මේ සියලු ආශිර්වාදාත්මක අවස්ථාවන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
ලොතරැයියකින් ජයග්රාහණයේ සතුට අත් කරගත් තවත් වාසනාවන්තයින් 38 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇත...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනපතාම කෝටිපතියන් බිහිකරන ආකර්ෂණීය අදකෝටිපති ලොතරැයියේ “ අද විශේෂ කෝටිපති” විශේෂ ලොතරැයිපත වෙළදපලට නිකුත් කිරීම 2024.11.05 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්&zwj...
කවදත් තම අලෙවි ජාලය වෙනුවෙන් මෙහෙවර ඉටුකරමින් ඔවුනට දිරිය දෙන සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි සහායක මහත්ම මහත්මීන් අතරින් ශාරීරික අපහසුතා සහිත අලෙවි සහායක මහත්මයෙක් සදහා ට්‍රයිසිකලයක් ලබාදීම 2024.10.29 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ගරු සභාපති,ප්‍රධාන විධායක න...