එම ජයග්‍රාහී 39 වන වර්ෂපූර්ණය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත්, මුදල් අමාත්‍යතුමාටත් සහ සියලු ලක්වාසීන්ටත් , සංවර්ධන ලොතරැයි මණ්ඩලයටත් සෙත්පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනයක් සිදුකරන ලදී.
එසේම ඒ සියල්ලන්ටම පුණ්‍යාණුමෝදනා කරමින් ස්වාමීන් වහන්සේලා 39 දෙනෙක් වෙනුවෙන් උදෑසන දානමය පින්කමක්ද සිදුකරන ලදී.
රටේ චිර ජීවනයත්, වංසගත උවදුරු ආරක්ෂාවත් මෙන්ම සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සුබ සිද්ධියත් අපේක්ෂා කරමින් සිදුකළ එම පිරිත් දේශනය වෙනුවෙන් වරාය හා නාවික අමාත්‍ය ගරු රෝහිත අබේගුණවර්ධන මහතාත්, සංවර්ධන ලොතරැයි අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් වෙළද අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය,ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන මූල්‍ය නිළධාරී රවීන්ද්‍ර ජේ විමලවීර මහතා ,නීතිඥ ජෙනට් ජයවර්ධන මහත්මිය සහභාගී විය.කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපති / අධ්යක්ෂ පාලන මනුල චමල් පෙරේරා මහතාද මෙම අවස්ථාව සදහා සහභාගී වූ අතර මේ සියලු ආශිර්වාදාත්මක අවස්ථාවන් වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් ගුණරත්න නාරගල මහතා, සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිළධාරීන් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුම...
සම්ප්‍රදායික ලොතරැයි කලාව අතික්‍රමණය කරමින් නවීන තාක්ෂණයේ දිශානතියන් ඔස්සේ සංවර්ධන ලොතරැයි මණ්ඩලය හදුන්වා දුන් DLB Sweep App වෙත ප්‍රථම වතාවට National ICT Awards , NBQSA 2021 සම්මාන උළෙලේදී "Retail and Distribution in Consumer Category " යටතේ රිදී සම්මානයක් හිමිවිය.මීට අමතරව...
දිවයින පුරා විසිරී පැතිරී සිටින අලෙවි ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන "සංවර්ධන අභිමන්" වැඩසටහනෙහි පුත්තලම දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022.01.17 දින හලාවත Chilaw City හෝටල් පරිශ්‍රයේදී අති සාර්ථකව පවත්වන ...