සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන අභිමන් 2022-මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක අලෙවි නියෝජිත හමුව

29-January-2022

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිත ජාලය දිරිමත් කිරීම සඳහා සංවර්ධන අභිමන් 2022 මහනුවර හා මාතලේ දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව 2022 ජනවාරි මස 29 වන දින කටුගස්තොට මහවැලි රීච් හෝටල් පරිශ්‍රයේ දී සාර්ථකව නිමාවිය.
මෙම අවස්ථාව සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මැතිතුමාත්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදායන චමින්ද කිරින්ගොඩ මැතිතුමාත්, රංජිත් බණ්ඩාර මැතිතුමාත්, මහනුවර මහනගර සභාවේ ගරු නගරාධිපති කේසර ඩී. සේනානායක මැතිතුමාත්, වත්තේගම නගර සභාවේ ගරු සභාපති බී.එම්.රවීන්ද්‍ර බණ්ඩාර මහතා, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ගරු අජිත් ගුණරත්න නාරගල මහතා සහ එහි සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. 
2022 නව වර්ෂයේදී මහනුවර හා මාතලේ දිස්ත්‍රික්කයන්හි ලොතරැයිපත් අලෙවිය වර්ධනය කර ගැනීම සඳහා නව යෝජනා වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රමෝපායන් පිළිබඳ සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වූ අතර, එහි දී අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් අගයමින් විශේෂිත වූ ප්‍රධානයන් ද සිදු කරන ලදී.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්