සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

වසර විස්සක සේවය සපිරූ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් රන් පවුම්

30-August-2019

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.

අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමගින් වසර විස්සක් හා ඊට වැඩි කලක් රැදී සිටිමින් ලබාදුන් අමිල සේවා දායකත්වය   අගය කරමින් ඊට උපහාරයක් ලෙස එම රන් පවුම් ප්‍රදානය සිදුකරන ලදි.

එහිදී සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවක මහත්ම මහත්මීන් තිස් දෙනෙක් ඇගයීමට පාත්‍රවිය.

මෙම උපහාර ප්‍රදානෝත්සවය සමගින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සේන සූරියප්පෙරුම මහතා ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්.ආර්.විමලසිරි මහතා,සාමාන්‍යාධිකාරීතුමා ඇතුළු කළමනාකාරීත්වය සහභාගී වූ අතර අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන්මුදල් අමාත්‍යංශයේ භාණ්ඩාගාර  මෙහෙයුම් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ එච්.සී.ඩී.එල්. සිල්වා මහතා, මහපොළ භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ එම්.පී.පරාක්‍රම බණ්ඩාර මහතා යන අයද සහභාගී විය.



ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින් 63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

04-August-2026

ජය පිට ජය කැන්දන සංවර්ධන ලොතරැයි ම‍ණ්ඩලය බිහිකළ තවත් වාසනාවන්තයින්  63 දෙනෙක් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීම - 31/07/2026

ජය පිට ජය ගෙනෙමින් ඔබේ ජීවිතය එ‍ළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ තවත් ජයග්‍රාහකයින් 63 දෙනෙක් සදහා චෙක්පත් පිරිනැමීම 2026.07.31 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් සංවර්ධ...

17-July-2026

...

විශේෂාංග පුවත්