දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සදහා උර දුන් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් පවත්වන ලද “බෙදාහැරීමේ අලෙවි නියෝජිත හමුව” 2024.11.11 වන දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඔවුන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩක් ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අලෙවි ජාලය නියෝජනය කරමින් සියලු කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වසර විස්සක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවක මහත්ම මහත්මීන් අගය කරමින් ඔවුන් වෙත රන් පවුම බැගින් ලබා දීම 2019.08.28 දින සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදුවිය.
අවුරුදු 36ක් පැරණි සංවර්ධන ලොතරැයි මණ්ඩලය ...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් විශ්වාසයෙන් මිළදී ගෙන වාසනාවන්තයින් බවට පත්වූ ජයග්‍රාහකයින් හතලිස් නව දෙනෙක් සදහා අදාළ චෙක්පත් ප්රදානය 2019.08.20 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
එක් මසක් ඇතුළත ල...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම අලෙවි නියෝජිත හා අලෙවි සහයක මහත්ම මහත්මීන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීමේ වෛද්‍ය කදවුරු මාලාවේ හතරවන වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්කයේදී 2019.08.25 වන දින පැවැත්විය.
ව...