දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සදහා උර දුන් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් පවත්වන ලද “බෙදාහැරීමේ අලෙවි නියෝජිත හමුව” 2024.11.11 වන දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඔවුන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩක් ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අලෙවි ජාලය නියෝජනය කරමින් සියලු කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
2022 වර්ෂයේ අලෙවි ඉලක්කයන් හා සාර්ථක අලෙවි වර්ධනයක් වෙනුවෙන් ගමන් කිරීම සදහා වන අදහස් හා යෝජනා පිළිබදවත්, පසුගිය වසරේ අලෙවියෙහි ප්‍රගතීන් පිළිබඳවත් සාකච්ජා කෙරෙන අලෙවි සමාලෝචන රැස්වීම පසුගිය 2022.01.05 දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර...
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවය කර මේ වන විට මියගොස් සිටින සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් පුණ්‍යාණුමෝදනා කිරීමේ අරමුණින් මහරගම අපේක්ෂා රෝහල වෙත අත්‍යාවශ්‍ය ඖෂධ ලබාදීම 2022.01.06 වන දින සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සොෆ්ට් හාට් පදනම හා කාර්ය මණ්ඩලයේ එකමුතු දායකත්වයෙන් &...