දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සදහා උර දුන් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් පවත්වන ලද “බෙදාහැරීමේ අලෙවි නියෝජිත හමුව” 2024.11.11 වන දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඔවුන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩක් ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අලෙවි ජාලය නියෝජනය කරමින් සියලු කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
එළඹෙන සැප්තැම්බර් 02 දා සිට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ දිනකට දිනුම් අදිනු ලබන ලොතරැයිපත් ප්‍රමාණය ලොතරැයි 05 ක් දක්වා වැඩි කිරීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
දැනට දින 07 පුරාවට දිනුම් අදිනු ලබන අද කෝටිපති ලග්න වාසනාව ලොතරැයිපත...
අද කෝටිපති ලොතරැයිපතෙහි අලෙවිය වර්ධනය කර ගැනීම වෙනුවෙන් 2019 ජූලි මස සිට සැප්තැම්බර් මස දක්වා ක්‍රියාත්මක කරනු ලැබූ විශේෂ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන යටතේ මුළු දිවයිනෙන්ම වැඩිම අලෙවියක් සිදුකළ දිස්ත්‍රික් බෙදාහැරීමේ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා මුදල් ත්‍යාග ලබාදීම පසුගිය අගෝස්තු ...