සංවර්ධන ලොතරැයි මණ්ඩලය

පුවත්

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් පැවැත්වූ අලෙවි නියෝජිත හමුව -2024.11.11

13-November-2024

දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සදහා උර දුන් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් පවත්වන ලද “බෙදාහැරීමේ අලෙවි නියෝජිත හමුව” 2024.11.11 වන දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඔවුන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩක් ලබාදීමත් මෙහිදී සිදුවිය.

මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා  සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අලෙවි ජාලය නියෝජනය කරමින් සියලු කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.

 



සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

21-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ 42 වන සංවත්සරය නිමිත්තෙන්  2025.01.20 වන දින ආයතන ශ්‍රවණාගාරයේදි ධර්ම දේශනයක් පවත්වන ලද අතර පිළිකා රෝහල වෙත ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීමද සිදුකරන ලදී.

...

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

09-January-2025

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කෑගල්ල, මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත හමුව -2025.01.05

මෙරට සුවහසක් ජීවිත එළිය කරන්නට සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ජීවය දෙන  අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් වෙනුවෙන් පවත්වනු ලබන අලෙවි නියෝජිත රැස්වීම් මාලාවේ තවත් එක් රැස්වීමක් කෑගල්ල,මාතලේ හා මහනුවර දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් සදහා 2025.01.05 වන දින ඕක්-රේ ර...

විශේෂාංග පුවත්