දශක හතරකටත් වඩා වැඩි කාලයක් පුරාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවි ප්‍රවර්ධනය සදහා උර දුන් බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් පවත්වන ලද “බෙදාහැරීමේ අලෙවි නියෝජිත හමුව” 2024.11.11 වන දින ශ්‍රි ලංකා පදනම් ආයතනයේදී සාර්ථකව පවත්වා අවසන් කරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් හා සැලසුම් පිළිබදව සාකච්ජා කිරීමත්, එක් එක් බෙදාහැරීමේ අලෙවි නියෝජිතයින් විසින් සිදුකළ අලෙවියෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමත්, ඔවුන්ගේ අදහස්, යෝජනා සහ ගැටලු වෙනුවෙන් ඉඩක් ලබාදීමත් මෙහිදී සිදුවිය.
මෙම අවස්ථාව සදහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති / ප්‍රධාන විධායක නිලධාරී එම්.ආර්.හේමන්ත ස්වර්ණතිලක මහතා සහ සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුලු කළමනාකාරිත්වයත්,අලෙවි ජාලය නියෝජනය කරමින් සියලු කලාප කළමනාකරුවන් සහ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුලු පිරිස සහභාගී විය.
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ පසුගිය මාස දෙකක කාලය ඇතුළත සිදුකළ දිනුම් ඇදීම් හරහා බිහිවූ ජයග්‍රාහකයින් අතරින් දස ලක්ෂයේ හා ඊට වැඩි දිනුම් ලබාගත් පිරිසකට අදාළ චෙක්පත් ප්රදානය කිරීම 2020.01.24 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුවිය. &nbs...
ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලය මෙම ජනවාරි 19 වන දිනට 37 වන සංවත්සරය සමරනු ලබයි. ශ්‍රි ලාංකිකයන් වෙනුවෙන් උත්තරීතර අරමුණු පෙරදැරිව 1983 වර්ෂයේ ජනවාරි 19 දින සමාරම්භ කරනු ලැබූ සංවර්ධන ලොතරැයි මධ්‍යස්ථානය එතැන් සිට අද දක්වා පසුකලාවූ වසර 37ක කාලය ඇතුළත පැමිණි සංදිස්ථානයන්...
සංවර්ධන ලොතරැයි මණ්ඩලය නොවැම්බර් මාසයේ අග සතියෙහි හා දෙසැම්බර් මුල් සති දෙක ඇතුළත බිහිකරන ලද ජයග්‍රාහකයින් සදහා අදාළ චෙක්පත් ලබාදීම 2019.12.30 වන දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
එහිදී ලග්න වාසනාව ලොතරැයි...